හිනැහෙන්න මට ඉගැන්නුhinaehenna mata igaennu

Hinahenna Mata Igannu

Lyrics

(හිනැහෙන්න මට ඉගැන්නු
සැනසෙන්නට මග පෙන් වූ
කටු කොහොලින් පිරි මෙලොවේ)..//
හිනැහෙන්න මට ඉගැන්නු

(සිතුවිලි ගිර මිදීලා
යා නොදී වියරු වීලා)..//
සහනයේ කැදලි හැදුවේ
හිනැහෙන්න මට ඉගැන්නු

(හද පියුම මගෙ නෙළාලා
ඔබෙ දෙපා ළඟ පුදාලා)..//
හිස් දෑතිනි අද ඉන්නෙ
හිනැහෙන්න මට ඉගැන්නු

(පිදු පියුම පර නොවේවා
මතු මතු ද පුබුදු වේවා)..//
මා එපමණයි පතන්නේ

හිනැහෙන්න මට.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.