හිනහෙන්න දුන් වරම්hinahenna dhun waram

Hinahenna Dun Waram

Lyrics

හිනහෙන්න දුන් වරම් ඔබ ආයෙමත් අරන්
හෙලන මේ දුක් සුසුම් ඔබ නිසයි රත්තරන්
ආදරේ නාමයෙන් කඳුළු ඇයි මේ තරම්
වෙන්වෙලා යන්නනම් ලං වුනේ ඇයි සිතින්
හිනහෙන්න දුන් වරම් ඔබ ආයෙමත් අරන්

තනි වෙලා මා එදා වින්ද දුක් වේදනා
දුරු කළෙත් ඔබ තමා සනසලා මා එදා
බැඳුනෙ ඇයි ඒ වගේ වෙන්වෙන්න මේ වගේ
හඩන්නට මා නෙතේ කඳුළු දැන් නෑ ප්‍රියේ
හිනහෙන්න දුන් වරම් ඔබ ආයෙමත් අරන්

වසන්තය නිම වෙළා යළිත් මා තනි වුණා
දුක් සයුරෙ කිමිදිලා හිදින්නම් ඔබ නිසා
බැඳුනෙ ඇයි හ් වගේ වෙන්වෙන්න  මේ වගේ
හඩන්නට මා නෙතේ කඳුළු දැන් නෑ ප්‍රියේ

හිනහෙන්න දුන් වරම් ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.