හිනැහෙමින් මා ළඟටhinaehemin maa langata

Hinahemin Ma Langata

Lyrics

හිනැහෙමින් මා ළඟට 
ඔබ එද්දි ඇත්තටම
ජීවිතය මට හොදින් දැනෙනවා //

සෙනෙහසින් අසන විට ඔබ අපේ අතීතය
මේ සිතට සැනසුමක් දැනෙනවා
ඉඳහිටක රිදුනු සිත සනසන්න පිරිමැදෙන
සිරස මත සිසිල මට දැනෙනවා

ඔබ  කවුද මා කවුද ඔබ නැතිව මට ඉන්න
නොහැකි බව ඔව් ඔබම දන්නවා
මතු මතුත් අත නොහැර ගලා යන
ආදරේ ගංඟාව තරඟ දී බලනවා

හිනැහෙමින් ........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.