හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්himi nowuna nethu aendunu sithuwam aran

Himi Nowuna Nethu

Lyrics

හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්
සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන්
කඳුලකට අත වනන හදවත කොනින්
මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්

බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්
මට හරිම පාළුයි මගේ රත්තරන්
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්
මට හරිම පාළුයි මගේ රත්තරන්

හුරතල් වෙවී කනට කෙදිරූ වදන්
මගෙ හිතම පිරවූ එදා
එක වචනයක් වත් කියන්නට තරම්
හිත දෙන්නෙ නැතිවද මෙදා

ආදරෙන් දෑත අල්ලන්
අපි එදා උන්නු සෙනෙහේ නමින්
සිනහවී ඉන්න දැන්වත්
ඇයි ඔයා ඉන්නේ නෙතුකැන් පියන්

සුදු පිච්ච හැඩ වැටනු සුදු ගවුම ඇදලා
අද නම් ඔයා ලස්සනයි
ඇස්දෙක පියන් ඉන්නෙපා තරහවීලා
මගෙ හිතට දැන් හරි බයයි

පාළුවේ මාව තියලා දැන්
එපායන්න එපායන්න එපා
මේ තරම් හීන අතරේ
වැලපිලා ඉන්න බෑ තනිවෙලා

හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්
සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන්
කඳුලකට අත වනන හදවත කොනින්
මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්

බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්
මට හරිම පාළුයි මගේ රත්තරන්
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්
මට හරිම පාළුයි මගේ රත්තරන්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.