හිමි නැති පෙමකට ඉකි බිද හැඩුමටhimi naethi pemakata iki bidha haedumata

Himi Nathi Pemakata

Lyrics

හිමි නැති පෙමකට ඉකි බිද හැඩුමට
සිත මගෙ බොලද වෙලා
අන්සතු හදකට පෙම් කල වරදට
ලොව මට එරෙහි වෙලා...//

කියාගන්න මට දහසක්ක් දේ ඇත
මතු දවසක ඔබ හා තනිවී
හමුවන්නටා බැහැ උකුසු වෙසින් ඇත
නෙතු දහසක් අප වෙත යොමුවී

කිරිල්ලියක ලෙස ඉගිලී එන්නට
සිතේ අත් තටු නැතද මැවී
වරම් නොවේ මට ඔබ හමුවන්නට
ඇතින් ඉද හිනැහෙනු මැනවී

මුල් ගායනය : මාලනී බුලත්සිංහල
පසු ගායනය : නිරොශා විරජිනි

පද මාලාව : කැමිලස් පෙරේරා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.