Lyrics
(හිමි නැති හිත ලඟ දනින් වැටෙන්නට
මම පවුකාර වෙලා
හිමි වුනු සිත මට අහිමි වෙලා අද
නුඹ ඈතකට වෙලා)...//
ඉවසන ඉවසුම් හිත හඬනා හැටි
නුඹට කියනු කෙලෙසේ
නුඹෙන් වෙන්වෙලා මේ හිත තවමත්
මලගම් යයි රහසේ
කියාගන්න බැරි සෙනෙහෙස අද්දර
නුඹ ගිය දින සිත්සේ
කඩා වැටෙන සිත ගොඩ ගන්නට බෑ
මළහිරු මයි අහසේ
මට පිදු ප්‍රේමය නුඹ ලඟ හිනැහෙන
ඔහුගෙ මුවඟ දිස්වේ
දෑත පටලවන් නුඹ යන හැටි මම
බලා ඉන්නෙ කෙලෙසේ
මට හිමි නැති පෙම් පුරානයක සුව
කෙලෙසක විඳ ගන්නේ
හිත හීලෑ නැති අහිමි පෙමක් ලඟ
ඇයි මම විඳ වන්නේ
(හිමි නැති හිත ලඟ දනින් වැටෙන්නට
මම පවුකාර වෙලා
හිමි වුනු සිත මට අහිමි වෙලා අද
නුඹ ඈතකට වෙලා)...//