හිම තුහින (ටෙලි නාට්‍ය තේමා ගීතය)hima thuhina (teli naatya theemaa giithaya)

Hima Thuhina (Teledrama Theme Song)

Lyrics

ඉරිදා රැයේ නෙතු යාවුනා 
තරු මල් පිපේ රෑ පුරා
මගෙ නෙත් අගින් ඉඟියක් කළා 
නොකියූ හැඟුම් තේරුනා

ලැම සැලුනේ මේ රෑ පුරා 
රතු දෙතොලේ ආශා මවා 
හිම සිසිලේ සීතේ නිවා 
උණුහුම් වෙලා 
හිත බැඳුනේ හීලෑ වෙලා 
පපු තුරුලේ කාලේ ගෙවා 
පිනි තුහිනේ පාවී ගියා 
කෙහෙරැල් සලා 

සුවා ලයේ හැඟුමන් රටා 
හිරිමල් හිතේ ගෑවිලා 
සැලු නෙත් සරින් ගිනියම් වෙලා 
ගිලිහී සුසුම් වෑහුනා 

ලැම සැලුනේ...... 

(කිමිදී සිතෙහී සරලා 
හදවත ගැඹුරට දැනිලා 
සිතු සේ මා සනසා 
මාගේ වෙලා සිත පුරා...//) 

ලැම සැලුනේ......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.