හිම කඳු යහනේhima kandu yahanee

Hima Kandu Yahane

Music:
සරත් දසනායකsarath dhasanaayaka
Lyrics:
කුලරත්න අරියවංසkularathna ariyawansa

Lyrics

හිම කඳු යහනේ - වළා සදැල්ලේ...
සදා හරිත තුරු සෙවනැල්ලේ
මොහොතක් සැඟවෙමු
ලොවින් මුවා වී - අපේ සිහින උයනේ
මොහොතක් සැඟවෙමු
ලොවින් මුවා වී - අපේ සිහින උයනේ
මොහොතක් සැඟවෙමු
හිම කඳු යහනේ...යහනේ....යහනේ....

දෙසිතක බැඳි  රැකවල් ගිලිහී යයි
තනි වූ සිත් අද නොතනි වෙලා //
ඒ හසරැල් විල  මා සිත පිබිදී
ඔබට පිදෙන්නට මලක් වෙලා

කඳුලක් නැගි මොහොතක ඔබ නෙතඟින්
ලංවෙමි සිටිය ද කොතැන ලොවේ....//
හිනැහෙමි එසඳෙහි කඳුළු මුදාහැර
ඔබගේ උණුසුම් ළය මඬලේ

හිම කඳු යහනේ... /

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.