හිම කදු අතරින්hima kadhu atharin

Hima Kandu Atharin

Music:
අමරදේව W Damaradheewa w d
Lyrics:
සරත් අමුණුගමsarath amunugama

Lyrics

හිම කදු අතරින් පාවී එන්නේ
නීල වලාවේ පැහැය දරා
දගකාර ඔබේ ඔය නෙත්මිණි දල්වා
බලන්න මා දෙස මදහස පාලා

මිහිබට සුර කුමරියක් ලෙසින්නේ
ලැසි ගමනින් පා සළඹ සලන්නේ
මුව සගවා ලූ සළුව මුදා හැර
බලන්න මා දෙස මදහස පාලා

එරන්දතිය සුකුමාල ළදුන්නේ
දිගු වරළස සුදු මල් ගවසන්නේ
දෑත නගා නිල් වරළ උනා යළි
බලන්න මා දෙස මදහස පාලා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.