හිම බිම පාලන සුරිඳේhima bima paalana surindee

Hima Bima Palana Surinde

Lyrics

(හිම බිම පාලන සුරිඳේ......//)
(ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්‍රාණේ....//)
හිම බිම පාලන සුරිඳේ
(ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්‍රාණේ....//)
හිම බිම පාලන සුරිඳේ......

(හද ප්‍රේම බැමි බිඳිලා සිත පෑරිලා චංචල වීලා.....//)
ආවේ වියෝවී ජීවේ එපා වී ගින්නේ දාවී හද දාවී 
ඇගේ හඬ තාම දේ දෝංකාරේ
ඕ විශ්වාස නැත ඇගේ ප්‍රේමේ
ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්‍රාණේ....
හිම බිම පාලන සුරිඳේ....

(ඇඟ ලේ මස සේ හා වීලා හද ප්‍රාණේ පුදන්න බැඳිලා.....//)
ඇගේම අම්මා මානේ උදුම්මා දෙන්නාම විස කොට දැම්මා 
මහ විපතකි කළ අපරාදේ මතු මතු වේද මිනි වගේ ප්‍රේමේ
(ඔබේ බල ශක්ති වේ මාගේ අනුප්‍රාණේ....//)

හිම බිම පාලන.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.