Lyrics
බඹරුන් රැලක් වසන වනන්තරේයා
පන්දම් හුලක් රැගෙන නිරන්තරේයා
මල් මී කඩන් එන්න නගන් කුලේයා
වාරම් ගයන් නගිමි මුදුන් හෙලේයා
දෙව් වරම් ලැබේයා
ගිරි මුදුන් කුලේයා
වරු ගණන් ගෙවේයා
මහ වැල් දිගේ ඇදේයා
කැකුලිගේ පෙමේයා
හද ගැබේ වෙලේයා
මට පනම් ලැබේයා
රන්දම් ගෙලේ බැඳේයා
හෙයි කැකුලී කැකුලී කැකුලී කැකුලී මගේ
නටපන් දැන් කැකුලී කැකුලී කැකුලී මගේ
බඹරුන් රැලක් වසන....
දෙව් වරම් ලැබේයා....
මහ ගිරි කුලේ මුදුනෙ හිතක් ගැහේයා
කැකුලිගේ හිනා පොජ්ජ හිතෙත් මැවේයා
දහදිය ගඟුල් ගලන රැයක් ගෙවේයා
මල් මී බඳුන් පිරුනු හෙටක් ලැබේයා
ඉරක් නැගිලා කල දවස නැගේයා
කලක් මල් මී ගෙන ගමට ඇදේයා
ඉතින් නටපල්ලා සතුට දැනේයා
ගැයුම් ගයපල්ලා බඳුන් පිරේයා
හෙයි කැකුලී කැකුලී කැකුලී කැකුලී මගේ
නටපන් දැන් කැකුලී කැකුලී කැකුලී මගේ
හෙයි කැකුලෝ කැකුලෝ කැකුලෝ කැකුලො මගේ
නටපන් දැන් කැකුලෝ කැකුලෝ කැකුලො මගේ
දෙදොරුන් දෙවන් බහින වසත් සමේයා
ගිගිරුම් නැගන් නැගෙන කතන්දරේයා
කැකුලී පවන් සලන හැඟුම් දැනේයා
නාඩන් ඉතින් අපට හෙටක් තිබේයා
දෙව් වරම් ලැබේයා....
මහ ගිරි කුලේ මුදුනෙ....
ඉරක් නැගිලා කල දවස....//