හෙට උදේ දකිනවා (මහ වරුසාවේ)heta udhee dhakinawaa (maha warusaawee)

Heta Ude Dakinawa (Maha Warusawe)

Lyrics

හෙට උදේ දකිනවා හිතුමතේ හිතෙනවා
හීනෙනුත් ඇඬෙනවා ඔබ කෙරේ
ජීවිතේ දකිනවා දුක වෙනුවෙන් අඬනවා
කුමකට හමුවීදෝ ආදරේ 

(ඉස්සර දවසක ඔබ අත අරගෙන මතකද දොළ පාරේ
ආස හිතෙන දේ අරගෙන යහමින්
මතකද මහ පාරේ)...// 
(ගෙවූ ඒ ආදර කාලය අමතක නෑ 
අදටත් මට ඔබ අමතක කරන්න බෑ)...//

හෙට උදේ දකිනවා හිතුමතේ හිතෙනවා
හීනෙනුත් ඇඬෙනවා ඔබ කෙරේ

(මහ වරුසාවේ බස් නැවතුම්පොළ අයිනට වී හිඳිමින්
ඔබට තුරුලු වී ආලය කළ හැටි මතකයි කඩිසරයෙන්)...//
(ගෙවූ ඒ ආදර කාලය අමතක නෑ 
අදටත් මට ඔබ අමතක කරන්න බෑ)...//

හෙට උදේ දකිනවා හිතුමතේ හිතෙනවා
හීනෙනුත් ඇඬෙනවා ඔබ කෙරේ
ජීවිතේ දකිනවා දුක වෙනුවෙන් අඬනවා
කුමකට හමුවීදෝ ආදරේ.... 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.