හෙට උදේ දකිනවාheta udhee dhakinawaa

Heta Ude Dakinawa

Lyrics

හෙට උදේ දකිනවා 
හිතුමතේ හිතෙනෙවා
හීනෙනුත් ඇ⁣ඬෙනවා ඔබ කෙරේ....

ජීවිතේ දකිනවා
දුක වෙනුවෙන් අඬනවා
කුමකට හමුවීදෝ ආදරේ
ඉස්සර දවසක
ඔබේ අත අරගෙන
මතකද දොළ පාරේ
ආස හිතන දේ 
අරගෙන යහමින්
මතකද මහ පාරේ
ඉස්සර දවසක
ඔබේ අත අරගෙන
මතකද දොළ පාරේ
ආස හිතන දේ
අරගෙන යහමින්
මතකද මහ පාරේ
ගෙවු ඒ ආදර කාලය අමතක නෑ
අදටත් මට ඔබ අමතක කරන්න බෑ..

හෙට උදේ දකිනවා.....

මහ වරුසාවේ 
බස් නැවතුම්පොල
අයිනට වී හඳිමින්
ඔබට තුරුලු වී
ආලය කල හැටි 
මතකයි කඩිසරයෙන්.//
ගෙවු ඒ ආදර කාලය
අමතක නෑ
අදටත් මට ඔබ
අමතක කරන්න බෑ..

හෙට උදේ දකිනවා....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.