හෙට නාඩගමේ මං රජාට අඳිනවාheta naadagamee man rajaata andinawaa

Heta Nadagame Man Rajata

Lyrics

හෙට නාඩගමේ මං රජාට අඳිනවා
අජාසත්ත නාමෙන්..
මුලු ගමේම අගනුන් මට වහ වැටෙනව
බලාපල්ලා බොරු නම්..//

දමා කඩුක්කං ඔටුනු නලල්පටි
කඩුව කරකවා සබයට එන හැටි..//
බලා හිදින අගනුන් සත්තයි
ආලෙ බදියි රහසින්..//

පවර අජාසත් නිරිදුන් මම වෙමි
පියා නසා රජ ගම අරගන්නෙමි..//
කියා එද්දි අද මං සත්තයි 
ආලෙ බදියි අගනුන් ..//

හෙට නාඩගමේ මං රජාට අදිනවා 
අජාසත්ත නාමෙන්..
 මුලු ගමේම අගනුන් මට වහ වැටෙනව 
බලා පල්ලා බොරු නම් ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.