හැන්ද නටයි කූර නටයිhaendha natayi kuura natayi

Henda Natai Koora Natai

Lyrics

හැන්ද නටයි කූර නටයි කැවුම් ගෙඩිය තෙලේ නටයි//
කාටත් බැරි කොණ්ඩා කැවුම් නැන්දා උයනවා
හැඩ කර කර හැඩ කර කර කොණ්ඩේ ගන්නවා...//

කොණ්ඩේ බැන්ද ගැටිස්සියෝ බලා ඉන්නවා අගේට//
බැන්ද කොණ්ඩේ හැඩ බැලුවට හැඩ කර තාලෙට නැටුවට
අපේ කාලේ අයත් එක්ක හැරෙන්නවත් බෑ නුඹලට//

කොණ්ඩේ කැවුම් බැරි වුණාට කේක් උඩින් හැකිය අපිට//
හැඩට වැඩට උසට යසට කේක් හදනවා
නාරි ලතා නෙරිය තියලා රෙද්ද අඳිනවා//

ඒ වුණාට අනේ දුවේ එකක් කියන්නම් නුඹලට//
කොයි දීපංකරේ ගියත් මොන මොන තාලෙට නැටුවත්
සිංහලකම සිංහල නම රැකගැනීම හොඳ සිරිතයි...//////

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.