හෙමින් හෙමින්hemin hemin

Hemin Hemin

Music:
මනිෂා කුඹුකගේmanishaa kumbukagee
Lyrics:
මනිෂා කුඹුකගේmanishaa kumbukagee

Lyrics

හෙමින් හෙමින් ඔබෙ දෑස් පියන් වසා 
සිහින් සිහින් ඔය තොල්පෙති මට ලං වෙලා 
හොරෙන් වෙලී ඉන්න මා තුරුලෙ සැඟවෙලා 
මා ඔබම වී ඔබ මන් වෙලා 
මා ඔබම වී ඔබ මන් වෙලා

දෙනෙතේ වෙලී ආදරයේ දැවටිලා 
ඇවිදින් යමු අපි රළ පෙල මත දෙපා තබා 
කඳුලු පිසදා නෙතඟින් බලා 
මා ලඟ හිඳින් මත්වෙලා 
මා ලඟ හිඳින් මත්වෙලා

මතකේ දුක්බර තැන් වියැකී යන්න තියා 
සැමදා ඔබ ලඟ ඉන්නම් ඔබ දැන් මගේ නිසා 
කඳුලු පිසදා වෙන්වෙලා
මා ලඟ හිඳින් මත්වෙලා 
මා ලඟ හිඳින් මත්වෙලා

හෙමින් හෙමින් ඔබෙ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.