හෙළ කුල සිරිතටhela kula sirithata

Hela Kula Sirithata

Music:
රෝහණ වීරසිංහroohana wiirasinha
Lyrics:
උපාලි ධනවලවිතානupaali dhhanawalawithaana

Lyrics

හෙළ කුල සිරිතට සුභ නැකතින් 
මංගල ගමනට යන දියණි//

ආසිරි ගී මැද අතපැන් වත්කර 
බැඳි පිළි අන්දලා වත්සුනු තවරා 
මල් වැල් එල්ලා 
වරලස හැඩවීලා//

හෙළ කුල සිරිතට...

ජීවන ගී පොත සුපුරුදු තාලෙට 
ගීයෙන් සරසාලා 
නෑදෑ මව්පියෝ වරම් ගන්න දුව 
බුලත් හුරුළු දීලා//

හෙළ කුල සිරිතට...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.