හීනෙන්වත් ඇවිදින් ගීතයක් ලෙසින්hiinenwath aewidhin giithayak lesin

Heenen Wath Ewidin Geethayak Lesin

Lyrics

හීනෙන්වත් ඇවිදින් ගීතයක් ලෙසින්
රිදවන්න එපා මගේ හිත මෙතරම්
මට මගේ පාඩුවේ ඉන්නට ඉඩ දෙනවා නම්
මට මගේ පාඩුවේ ඉන්නට ඉඩ දෙනවා නම්

ඔබ යන්න ගියේ කිසි දවසක නොඑන්න ආපසු
මට මතකයි යද්දී හැඬුවා දෙපයේ රන් රසු
හිත හදාගන්න බැරිවෙයි මට කවදාවත් මතු

හීනෙන්වත් ඇවිදින් ....

දුක ලයේ තියන් බිහිකරනා බෙල්ලකුගේ මුතු
අතට අරන් බිමට දමා පාගා දැමු පසු
හිත හදාගන්නෙ කොහොමද මං කියන්න මින් මතු

හීනෙන්වත් ඇවිදින් ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.