හීනයක් ප්‍රේමයක්hiinayak preemayak

Heenayak Premayak

Lyrics

හීනයක් ප්‍රේමයක් ඈතකදී දැකලා 
ළං වුණා ජීවිතේ ආදරේ තියලා 
ළඟ නැති හින්දා තනිකම වින්දා 
රැවටුණු තරමක් ආයෙත් ඔය නෙතු හින්දා 

නුඹ හිත නැති හින්දා ළඟ කඳුළක් වැටුණා 
මේ නෙතුපිය රිදවා මතකෙන් මිදිලා 
රිදෙන බව නොකිය හැබැහින් කඳුළු හිර කරලා 
තවම මගේ හිතේ ඉන්නේ නුඹව රැඳිලා 

ඉස්සර හිත මකලා අලුතෙන් ලියලා 
තහනම් බව කියලා ඈතට ඇදිලා 
හැඟෙන දුක නොකියා රහසින් තනිය දුර තියලා 
එදා ඔබ දුන්නු හීනේ තවම රැදිලා 

හීනයක් ප්‍රේමයක්.../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.