හීන විල මල් පිපී මුදාහල සිරියාවhiina wila mal pipii mudhaahala siriyaawa

Heena Wila Mal Pipi Mudahala Siriyawa

Lyrics

හීන විල මල් පිපී මුදාහල සිරියාව
හෙමි හෙමින් ඇවිත් හිත් මාලිගේ දොර ගාව
හමන විට ඒ සුවඳ ආදරේ නුඹ පෑව
දැවටෙන්න හිතයි ආයෙමත් නුඹ ගාව
දැවටෙන්න හිතයි ආයෙමත් නුඹ ගාව

පිණි වැටී හිනාවෙන මල් දෙවැට අද්දරට
මගේ නෙතු පියා ගෙන හිදින්නම් එනවාද
තවත් එක වතාවක් නුඹේ සුවඳ විඳගන්න
හංසියේ එනවාද ගුරුපාරේ ඇවිදින්න

තාරුකා නෙතු හරින නිහඩ රෑ මැදියමක
ඈතමට දිව ගිහින් හිත මවයි මල් හීන
නෙතු හරින එකම එක ඇසිල්ලක නුඹ පැමිණ
දිග හරියි සෙනෙහසින් මගේ සමනල මතක

හීන විලක ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.