හීන වස්සානේhiina wassaanee

Heena Wassane

Music:
අමිල දිල්හාන්amila dhilhaan
Lyrics:
ඉසුරු සමරසිංහisuru samarasinha

Lyrics

හීන වස්සානේ මේ ජීවිතේ මගේ
දෑස රැන්දූ ආදරේ අපේ
සීත පවනක් වගේ දැවටිලා හදේ
පාට පාට හීනයක් වගේ
හද කිති කැවේ ආදරෙන්
සනසාවි ජීවිතේ පූජනීයමයි ආදරේ

සංසාර හැඟුම් හද ලංකලා
ජීවායේ රස මුසු වෙලා
ආදරේක පාට තැවරිලා
හද විහිදෙන සංකා නිවා
උණහුමේ හිත ගුලිවෙලා
ආදරේක හීන හැංගිලා
පෙම් සිහිනයේ මගේ මා ආදරේ

දිවි මාවතේ අප හමුවෙලා
නෙත් මානයේ සිත දඟකලා
ප්‍රේමවන්ත සිත්තමක් වෙලා
ජීවිතේ පැතුමක් වෙලා
ආදරෙන් ඔච්චම් කලා
පුඥ්ඥවන්ත ආදරේ බෙදා
පෙම් සිහිනයේ මගේ මා ආදරේ

හීන වස්සානේ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.