හීන තටාකෙක මූල බලාගෙනhiina thataakeka muula balaagena

Heena Thatakeka Moona Balagena

Lyrics

හීන තටාකෙක මූල බලාගෙන ඔබට කතා කෙරුවා
පාර පුරාවට ආල නුරාවට අපට කතා හැදුනා

බලා ඉන්න ඇස් දෙක දල්වා
හිතේ ඇල්ම මා වෙත රන්දා
මුවා වෙන් මල් පෙති තිබ්බා
සුසුම් ඇවිත් තොල් පෙති සිම්බා

එහෙම වෙලාවට යහන පුරාවට නුඹගෙ සුවද සෙව්වා
හංසියේ පාන සිනාවට ලෝබ වෙලා මම කඳුලු පවා සැලුවා

හීන තටාකෙක මූල බලාගෙන ඔබට කතා කෙරුවා
පාර පුරාවට ආල නුරාවට අපට කතා හැදුනා

බලා ඉන්න ඇස් දෙක දල්වා
හිතේ ඇල්ම මා වෙත රන්දා
මුවා වෙන් මල් පෙති තිබ්බා
සුසුම් ඇවිත් තොල් පෙති සිම්බා //

හංසියේ ඔබ මොනව කළත් මම ඔබට හෞදෙ පිදුවා
මගෙ හීන ලොවේ පෙම් රැජින වෙලා ඔබ තුරුවෙලා හිටියා පපුවට

හීන තටාකෙක මූල බලාගෙන ඔබට කතා කෙරුවා
පාර පුරාවට ආල නුරාවට අපට කතා හැදුනා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.