හීන මවනවද හිරවීhiina mawanawadha hirawii

Heena Mawanawada Hirawee

Music:
කපිල අපරක්කkapila aparakka
Lyrics:
නාරද විජේසූරියnaaradha wijeesuuriya

Lyrics

මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක 
එක මොහොතක් මගේ වෙලා උයනක වෙරළක 
එදා වගේ හමුවන්නට සුන්දර හවසක 
හීන මවනවද හිරවී හිමි නැති පපුවක 

(රුදු කටු වදන් කටු ඇනී හිරුනු සමනල තටු වල 
මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක...//)
සුර ගඟක් ගලා ගිය නිම්නෙක නොතෙමා යටි හිත 
පිනි බිඳක් වෙලා තිබුනත් ඇති ආදර පවසට

(අකුරු වලට පෙරලෙන්නැති දරදඬු සුසුමට 
මිතුරු ඇස් වලින් සඟවන උණුසුම් කඳුලට...//)
ඔහෙ ගලායන්න ඉඩදී හිත ඉල්ලන තාලෙට
ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන වල

මේ ඉරයි හඳයි තනි අහසක....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.