හීන මන්දාරමේhiina mandhaaramee

Heena Mandarame

Music:
කසුන් ප්‍රිමාල්kasun primaal
Lyrics:
කසුන් ප්‍රිමාල්kasun primaal

Lyrics

තවත් වරක් ඔබ ආ හින්දා 
ගියත් එදා මා තනි කරලා
අදත් හිනාවෙන ඔබ දැකලා 
හීන මන්දාරමේ ආයෙත් පෙම් බැන්දා....//

කඳුළු හංගා රැයම වින්දා අමතක වූ මතකයන් එදා
එකම හීනේ ඔබම හින්දා ඒ තරම් වින්දේ වේදනා
වැරදිලා ජීවිතේ ආයේ මා ගාවයි ඔයා.....

තවත් වරක්......

ලොවම හොයනා සිහින පුරලා හිත නැවතුණු නෙත් දෙකයි ඔයා
දෙනෙත තලලා කඳුළු බිඳලා අසරණ කර හැර ගියේ එදා
තාම මා ආදරෙයි ඉන්න මා ගාවින් ඔයා.....

තවත් වරක්......//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.