හීන මකාhiina makaa

Heena Maka

Music:
චරිත අට්ටලගේcharitha attalagee
Lyrics:
චරිත අට්ටලගේcharitha attalagee

Lyrics

තැවෙනා ඒ සිත නොදැනී වගේ 
වැටෙනා කඳුලු නොදැනී වගේ
දැවෙනා ඒ දුක නොදැනී වගේ
මං ආවා.. ඒ සිත සඟවන් මෙසේ 
වැටෙනා කඳුලු සඟවන් මෙසේ 
දැවෙනා ඒ දුක සඟවන් මෙසේ
මං ආවා.. හීන මකා හංගාලා 
මං ආවා... රවටාලා මුමුනා සඟවා 
මං ආවා.. හීන මකා හංගාලා 
මං ආවා.. රවටාලා මුමුනා සඟවා 
මං ආවා..

මා ගැන හිතනා මගෙ උණුහුම හොයනා 
නිදි යහනට වෙලා මං එනකං නොනිදා 
මගෙ භාරියට හොරා ඇගෙ ලොවෙ තනි කරලා 
යටිහිත රවටලා උඩුහිත මං ආවා 
ඇත නිමකෙරුමට මුදුනට ගොඩගැසි බොරු 
රාජකාරි නුඹේ ඇමතුම එද්දී ආවරන කලාපෙන්    
මං බැහැර යාවී හැමදා කන රස ඇතිවෙලා 
පිටින් කමි සඳ මං පමාවේවි ගත මගෙ ඇය මත 
නුඹේ හිතෙ මං ගැන නොදනී මං ද්‍රෝහීයි 

කාමය ඇවිලෙන්නෙ ආදරෙ මත 
හදින් හද එක්වෙන තැන ඒ හිත තැන තැන යනවනං 
ආලෙයි කාමෙයි එක වෙන්නෙ කෙසේද 
මට දෙකක් ඒ දෙක තාවකාලික හිතක තාවකාලික කුමරා 
වෙන එක වෙනම රසකි උගුරට හොරා බොන බෙහෙතක 
දැනෙන සැප විදින එක නුඹ නොදනී වගේ ඉන්න සඳ 
මතුවට එන දින යන්න වෙනකොට මේ කයෙන් ගැලවිලා 
වෙන්න බෑ පසුතැවෙන්න බෑ එදින බෑ 
හිතෙන්න මා හිතට මං වින්දෙ මොනවද 
ජිවිතෙ අවසානෙට නුඹ ඔතන මං මෙතැන 
විඳිනවා ඈ එක්ක මත රාගය 
යටි හිත රවටලා මං ආවා උඩුහිත ඉල්ලන අන් සැපට

තැවෙනා ඒ සිත....
මා ගැන හිතනා....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.