Lyrics
(හෙලූ බැල්මකට රැවටිලා හීන කාටවත් දෙන්නෙපා
දුටු හීනෙම නැවතිලා නිදි යහනේ තනිවෙන්නෙපා....//)
නෙතු ගාව නැවතිලා හිත ගාව දඟ දාලා
ළංවෙන්න මගේ කියා මුමුණන්නකෝ පෙම් කතා......
එදා වගේ අදත් මම බලන් ඉන්නවා
ඔබ එනතුරා පෙරමග බලන් ඉන්නවා
ඔබ එන්න මද නළේ දැවටිලා
මගේ ලොව ඔබ සුවඳවත් කරලා.....
නෙතු ගාව නැවතිලා හිත ගාව දඟ දාලා
ළංවෙන්න මගේ කියා මුමුණන්නකෝ පෙම් කතා
හෙලූ බැල්මකට රැවටිලා හීන කාටවත් දෙන්නෙපා
දුටු හීනෙම නැවතිලා නිදි යහනේ තනිවෙන්නෙපා....