Lyrics
හීන දාහක් හිතේ තද කර තියන්
මා පැතුවා ඔබම විතරක් මුළු හදින්
හැරයන්න නොකියාම මගේ ලෝකයෙන්
පවසන්න වුණු වරද මාගේ අතින්......
අහම්බෙන් මුණ ගැහුණු ඔය නෙත් වලින්
ආදරේ පෙන්නලා මට දුන් රිදුම්
හදවතේ කොණකවත් මා නොමැති නම්
(ඔබේ මතක රැගෙන යන්නම් ඉතින්.....//)
හීන දාහක්......
තඹ පාට හැන්දෑවේ තුරුලේ හිඳන්
තැනූ පෙම් මාළිගා බිඳි ගිහින්
සැනසෙන්න ඇය ගාව නෑ තරහා මං
(තනිව පෙම් කරන්නම් දුර ඉඳන්......//)
හීන දාහක්.......