හතර කේන්දරේ පාලු කියලා නුඹ ළඟදීhathara keendharee paalu kiyalaa numba langadhii

Hathara Kendare

Lyrics

හතර කේන්දරේ පාලු කියලා නුඹ ළඟදී
දැනුනේ නෑ මට නම් පාලූ
ග් ‍රහයෝ නතුවාලු නුඹගේ නිසි පරිදී
මට නම් නෑ ඔබේ අඩු පාළු

මේ දුරු ගමනේ මගෙ දෑතේ වෙලිලා
භවයේ සැරිසරා එක්වෙලා
පෙම් දිවි සටනේ නොයමී පැරදිලා
මම නුඹ ගත්තෙමි දිවුරා

දුර අහසේ තාරකා ඇයිදෝ නුඹව තනි කරලා //
මල් වැල් ගොතා ඔබේ දෙවුරේ හොවා
රැක ගන්නේ මගේ ප් ‍රාණයෙන්
ග් ‍රහදොස් මකා මා ප් ‍රේමයේ දොවා
නුඹ ඉන්නේ සදා මා ලඟින්

හතර කේන්දරේ පාලුයි කියලා..................

පින් පෙත් පුරණා සදනා ලෝකයක්
දැක්කා නුඹගේ දෑසේ මා
එක්වී ගෙවනා හැම මොහොතක් පාසා
නුඹගේ තුරුලේ හිඳීමී මා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.