Lyrics
සදාකල්ම ඔබගේ වෙන්නෙත් නෑ
තුරුල්ලේම සදහට ඉන්නත් බෑ
දුකින් වෙන්ව යන්නත් දන්නේ නෑ
සැකෙන් ඉන්න කල් පෙම පුදන්නෙ නෑ
හරිම හැඩයි ඔබ දුවන ගමන්
මගෙ දෙනෙත පුරා නෙත් මවන රටා
මවිත කරයි මම බිමට නමන්
දෙස බලා හිදින්නද දුවන දිහා
මගෙ පොපියන රතු දෙතොලේ
මිදි රස පිස දැමුවේ
සදාකල්ම ඔබගේ....
Rap
හිතත් අරන් ඔබ ගෙදර ගිහින්
බිතු සිතුවම් ඇන්දද මුහුන පුරා
කඳුලකින් මට රිදෙන තරන්
විඳින්න දෙනවද දවස පුරා
මගෙ පොපියන රතු දෙතොලේ
මිදි රස පිස දැමුවේ
සදාකල්ම ඔබගේ....//