හරි හුරතල්hari hurathal

Hari Hurathal

Music:
ප්‍රියන්ත නාවලගේpriyantha naawalagee
Lyrics:
ඩිලාන් ගමගේdilaan gamagee

Lyrics

(හරි හුරතල් මගේ සිතේ හැඟුම් මැවීලා
බලන් ඉන්න බෑ ඔයා දිහා
ඔය නෙත් දිගේ හැඟුමන් මැවී 
මගේ හිතේ ඔයා ළං වෙලා.......//)

(දුටුවාම ඔබේ මුහුණ හිනැහීලා මා හා
සොඳුරුයි මගේ ජීවිතේ……//)
සසරේම පැතුවේ ඔබයි
ඔබේ දෑත අරගන්නටයි......

හරි හුරතල්.......

(නැවතීලා මා ගාව දැවටීලා මා හා
කීවේ ඔයයි ආදරේ.....//)
සසරේම පැතුවේ ඔබයි
ඔබේ දෑත අරගන්නටයි......

හරි හුරතල්.......//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.