හරි ආදර‍යෙන් මා ළඟ ඉන්නhari aadharayen maa langa inna

Hari Adarayen Ma Laga Inna

Lyrics

හරි ආදර‍යෙන් මා ළඟ ඉන්න
මට බැරි නෑ හිරිහැර විඳගන්න
මට හිනා ‍වෙන්න වීරිය ‍දෙන්න
අර ඉස්සර වා‍ගෙන මට ඉන්න //

නුඹ නිතර සිඹින ‍මේ ඉහ මතට
ඇයි මහාමෙරක් තැබු‍වේ ‍මෙ‍හෙම
දුක ද‍නෙන ඇ‍ඩෙන ‍මේ ඇස් ‍දෙකට
ආ‍ද‍රේ කී‍වේ ඇත්තට ‍නො‍වෙද

හරි ආදර‍යෙන් ....

‍දෙවිවරුන් පවා මියැ‍දෙන වනක
මට පුදුමත් නැහැ ‍ම‍ගේ ‍මේ කඳුළ
නුඹ සුළඟ ඉතින් මා හැර යන්න
ආදරයක දුක් මට උහුලන්න

හරි ආදර‍යෙන් ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.