හැරදා ඔබ මතුදාhaeradhaa oba mathudhaa

Harada Oba Mathuda

Music:
රවිහන්ස්rawihans
Lyrics:
නිලාර් N කසීම්nilaar n kasiim

Lyrics

දැවටී ඉඳ පෙම් තෙපුල් කියා නොකියා ඔබ මා දමා ගියා
ආදරේ ගිනිදැල් මවා අහසේ හැදූ මාළිගා නිසා 
බිඳ දා හිත හිස් වුණා කියා මේ ලෙසේ ඔබ නොතැවෙන් මෙදා
ඔබ ළඟම උන්නුදා මුළු ලොව මගේ වගේ
ඔබ දන්නේ නෑ ජීවිතේ ඔබ ගේනවා
(හැරදා ඔබ මතු දා මම යන්නේ නැහැ කිසිදා
මගේ ජීවිතේ ඔබමයි සදා මගේ ආදරේ......//)

මල් සමයේ ළඟින් හිඳ කී කතා නිම් සමයේ නිබඳ මට සිහිවුණා
පොද වැස්සේ කුඩයක් යටට වී පියමැන්නා එදා අපි තුරුළු වී
හැන්දෑකරේ මල් මාවතේ මීදුම් මැදින් සන්සුන් ලෙසින් 
ඒවාගේ අපි ඉන්නේ අද ආයේ
(හැරදා ඔබ මතු දා මම යන්නේ නැහැ කිසිදා
මගේ ජීවිතේ ඔබමයි සදා මගේ ආදරේ......//)

අහසේ සැදූ මාළිගා නිසා බිඳ දා හිත හිස් වුණා කියා 
මේ ලෙසේ ඔබ නොතැවෙන් මෙදා 
(හැරදා ඔබ මතු දා මම යන්නේ නැහැ කිසිදා
මගේ ජීවිතේ ඔබමයි සදා මගේ ආදරේ......//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.