Lyrics
හන්තානේ කඳු මුදුන සිසාරා
පවනක් වී එන්නම්
ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ
කුසුමක් වී ඉන්නම් //
තුන් මහළින් සැදී සරසවි පායේ
මල් කැටයම් සෙවනේ
සිරිපොද වැස්සේ නැගුනු සතුටු රළ
මිරිගු සයුර විනි අතීතයේ.//
හන්තානේ කඳු මුදුන සිසාරා
පවනක් වී එන්නම්
ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ
කුසුමක් වී ඉන්නම් //
පාළු නිසංසල කඳු වැටි අතරේ
මහවැලි ගං ඉවුරේ
අත් තටු සිඳගත් විහඟ විලාසෙන්
අපේ පැතුම් ඉකිබිදිනු ඇසේ //
හන්තානේ කඳු මුදුන සිසාරා
පවනක් වී එන්නම්
ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ
කුසුමක් වී ඉන්නම් //
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව