හන්තානේhanthaanee

Hanthane

Music:
ප්‍රේමසිරි කේමදාසpreemasiri keemadhaasa

Lyrics

හන්තානේ කඳු මුදුන සිසාරා 
පවනක් වී එන්නම් 
ඔබේ සුවඳ රැඳී කුටිය සමීපේ 
කුසුමක් වී ඉන්නම්//

තුන්  මහළින්  සැදී සරසවි පෑයේ 
මල් කැටයම් සෙවණේ 
සිරි පෝදා වැස්සේ නැගුනු සතුටු රළ 
මිරිඟු සයුර විණි අතීතයේ//

හන්තානේ...

පාළු නිසංසල කඳුවැටි අතරේ 
මහවැලි ගං ඉවුරේ 
අත්තටු සිඳගත් විහඟ විලාසෙන් 
අපේ පැතුම් ඉකි බිඳිනු ඇසේ//

හන්තානේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.