හන්තානේhanthaanee

Hanthane

Music:
යුකී නවරත්නyukii nawarathna
Lyrics:
යශෝධා අධිකාරිyashoodhhaa adhhikaari

Lyrics

ඉඟි බිඟි අපි වින්දා ඒ පෙම්පාරේ
සැලි සැලි එනවාද තේරුණා ගිම්හානේ
කල්යල් බැලුවාට ආදරේ අල්තාරේ
රතු තොල්පෙති පාට ගෑවුනේ නෑ ආයේ

සිහිනේ ඡායා, පාරාලා, ඒ සිනා නුඹේ ඒ සිනා
සිලිලේ සේයා, මා කීවා, නෑසෙනා සේ දරා වේදනා...

හිත පාරන දේද වේදනා සන්තානේ
මට නෑසුන දේද කීවෙ මේ මන්දාරේ
අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ
නැවතී මම පාර පීරුවා හන්තානේ
නැවතී මම පාර පීරුවා හන්තානේ...

තනියෙන් මා ගිය කාලේ ඔය මල්පාරේ
නොඉඳුල් නෙත් කී මග ඈ හිරි බින්දාවේ
රතු තොල් පෙති පාට ඈ ආයේ
කල්යල් බැලුවාට නෑ ආවේ...

සිහිනේ ඡායා, පාරාලා, ඒ සිනා නුඹේ ඒ සිනා
සිලිලේ සේයා, මා කීවා, නෑසෙනා සේ දරා වේදනා...

හිත පාරන දේද වේදනා සන්තානේ
මට නෑසුන දේද කීවෙ මේ මන්දාරේ
අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ
නැවතී මම පාර පීරුවා හන්තානේ
නැවතී මම පාර පීරුවා හන්තානේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.