Lyrics
බලා වැලපෙමි නෙලාගනු බැරි
හන්තාන සිහිනේ
දරා නෙත් අග දොවා සිත් මල
ගොතනු මැන ළදුනේ
සංසාර සිහිනේ.....
වැහි පබළු යට රඟමඩල මැද
ඔබේ දෑතේ තුරුළු වෙන්නට
බිසෝ හැරගිය ළසෝ රඟහල
අමාවක අදුරේ
නොයනු මැන ළදුනේ.....
බලා වැලපෙමි නෙලාගනු බැරි
හන්තාන සිහිනේ
වඩින තුරු සඳ දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්
සොඳුරු ඒ සඳ දියේ එන්නම්
ඉඳිනු මැන සොඳුරේ
හන්තාන අරණේ.....
හන්තාන සිහිනේ...