හන්තාන අඩවියේ මැදුරු කුළුණු සුදුhanthaana adawiyee maedhuru kulunu sudhu

Hanthana Adaviye Maduru Kulunu Sudu

Lyrics

හන්තාන අඩවියේ
මැදුරු කුළුණු සුදු සඳලු තලා පිස
මේ එන්නේ ප්‍රේමයේ  සුවඳ නොවේ
හන්තාන අඩවියේ
කුසුම වදුලු තුරු සිරස හමාගෙන 
මේ එන්නේ ප්‍රේමයේ  සුවඳ නොවේ

කුසින් අඩත් දළ අහරින් සකසා
කෙසඟ සිරුරු රළු යහනේ සතපා
අනියත හෙට ගැන සිතමින්
විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා
මානව මානවිකාවන්ගේ 
නලියන රුදිරේ උණුසුම් සුසුමයි
ප්‍රේමයේ සුවඳ නොවේ

හන්තාන අඩවියේ
මැදුරු කුළුණු සුදු සඳලු තලා පිස
මේ එන්නේ ප්‍රේමයේ  සුවඳ නොවේ

පීඩනයෙන් පැනසර හිස ඔසවා
පෙරමුණ ගත් වරදට වෙඩිසැර කා
මළ සොයුරන් සිහිකරමින්
විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා
මානව මානවිකාවන්ගේ 
පුපුරන මනසේ කකියන පැතුමයි
ප්‍රේමයේ  සුවඳ නොවේ

හන්තාන අඩවියේ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.