හංස රාණීhansa raanii

Hansa Rani

Album
Mawwada Kawuru Preme

Lyrics

හංස රාණී ආදරේ 
මදාරා පරසතු විලේ
මීවිතේ මදිරා බොනු 
මගේ හද උදුරා ගනු.....

ඉගිලෙන්නට තටු සලා  
පියාපත් සවි බල වෙලා
අඳුර ආලෝකය වෙලා 
සොඳුරු සිහිනය එළි වෙලා.....

ආදරේ මල් පල බරයි 
දුගී පැල රස මුසු කරයි
රිදී මිණිමුතු මිල නොවෙයි 
මාළිගය සිත ගිය තැනයි.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.