Lyrics
හංස බෝට්ටුවේ නැගලා යන්න එන්න රවුමක්
ඔබ එනකොට ඇඳන් එන්න මල් පිරිච්ච ගවුමක්
මල් පිරිච්ච ගවුමක්
බේරේ වැවත් සුන්දර වේ ඔබත් සුවඳ පියුමක්
දකින දකින සැවොම කියයි අන්න රෝස කුසුමක්
අන්න රෝස කුසුමක්........
බේරේ වැවට සඳ පායන මැදියම් රෑ අහසේ
තරු මුතුකැට විලාප දේ නෙතු පැටලී පහසේ
හංස බෝට්ටුවට වෙලා අපි දොඩමළු වෙමු රිසි සේ
සුවඳ රොදක එකතු වෙලා ඔබේ මුළු ලොවටම රහසේ........
මල් වටකර බඹරු නටයි ගුම් ගුම් නද දෙමිනේ
රන් සමනල රෑන් නටයි මල් වට හැඩ දෙමිනේ
මේ ලස්සන පෙනෙන්නේ නෑ නෙතු ඔබටම හිමි වේ
ජීවිත කාලෙම ඉන්නම් මුළු ඔයානේ මගේ සිහිනේ.......
හංස බෝට්ටුවේ........