හන්කිති කවනා සිතුවිලි අතගාhankithi kawanaa sithuwili athagaa

Hankithi Kawana Sithuwili Athaga

Lyrics

හන්කිති කවනා සිතුවිලි අතගා
මම කොහොමද ඔය සිත ගැන ගන්නේ පහාදා
හුරු නැහැ උපමා කවි වැල් ගොතලා
මට හිතුනම ඉඟි බිඟි මත පණිවිඩ තැබුවා....

රූ රටා මවනා සැණකෙළියේ ආදරේ උතුරයි කල එළිය
සිතුවිලි මග හැරලා... තරවටු කල නපුරා...
දෑස මානේ හැපි හැපී... රංචු ගැසුණා හසරැලී..
නෙත්සර ඉල්ලන මල්සර අංගන 
සන්සුන් සිත ළඟ කලබලයක් වෙන්නම්
ඊයේ කටකාරී නොවේ දැන් මා...

තේරුණත් නෑ වගේමයි හිටියේ කාව කවුරුද ඔය රවටන්නේ
නුඹ මම ගැන නොඅසා... කොහොමද මම කියලා...
කතාවක් නැති තැනකදී... කතාවක් ඇත දිග වැඩි...
නෙත්සර ඉල්ලන මල්සර අංගන 
සන්සුන් සිත ළඟ කලබලයක් වෙන්නම්
ඊයේ කටකාරී නොවේ දැන් මා...

හන්කිති කවනා සිතුවිලි.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.