හනික යමං පුල්ලි ගොනෝhanika yaman pulli gonoo

Hanika Yaman Pulli Gono

Lyrics

සුබ නැකගින් අපි යන මේ රඟ බලලා
ඇත සතුට්න් නැන්ද මාම මග රැකලා

හනික යමං පුල්ලි ගොනෝ මෙල්ල නොවී තර‍‍‍ගෙටා
මංගල මේ යුවතිපතී සිතා තොසා වෙන්නටා

අළුතින් සරණ බැඳා..
අළුතින් සරණ බැඳා නැන්ද මාමලෑ දිහා
යන මේ ජල්හාලේ රස කැවිලී පටවලා
නෑදෑයෝ එකතුවෙලා පුරාණයේ සිරිතටා

දෙන්නමි මගෙ මැණිකා
දෙන්නම් මගෙ මැණිකා ගෙදර ගිහින් පැණි වරකා
සැණිනේ යමු ගොනුනේ ගිගිරි වැලේ හඬ නගා
අඳුරු වුණා ඉර ගිලුණා ගමන තවත් දුර වුනා

නොදකින් වයිර ගොනා...
නොදකින් වයිර ගොනා කම්මැලි වී රෑ වුනා
නපුරුයි මේ මාර්ගේ සොර සතුරන් බොහො ඇතා
දැන් ළඟමයි ගමන සරුයි ටිකෙන් ටිකම ළං වුණා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.