හැඟුම් වරුසාවේhaengum warusaawee

Hangum Warusawe

Lyrics

හැඟුම් වරුසාවේ....

හැඟුම් වරුසාවේ
තෙමෙන කින්නරියේ
විල් තලේ කැළඹේ
සඳ දියේ රහසේ //

තරු ඇස් පියා සැතපී
මිහිදුම් වලා යහනේ
පාට හේදුනු හිනයක දැවටී
නිදි සුව ලදින්නේ රාත්‍රියේ

මල් පෙති සලා සැරසී
නෑ වසන්තේ එන්නේ
කුරුටු ගෑවුණු ගිමන්කල වැතිරී
මුවරද සිඹින්නේ ආදර්

හැඟුම් වරුසාවේ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.