හැඬෙන්නට කඳුලුත් නෑhaendennata kanduluth nae

Handennata Kanduluth Na

Music:
නොරෝෂන් ඩ්‍රීම්ස්norooshan driims
Lyrics:
රොස් අලගියවන්නros alagiyawanna

Lyrics

හැඬෙන්නට කඳුලුත් නෑ රිදෙන්නට හිතකුත් නෑ
(මගේ ජීවිතේ...//)
නින්ද මට අද උරුම නෑ තවත් හිත රවටන්න බෑ
ඔබ මගේ ළඟ නෑ ඔබව මට හිමි නෑ...
හැඬෙන්නට කඳුලුත් නෑ...

සිතා ගන්නටවත් බෑ ඇයිද මෙතරම්
ඔබට ආදරේ කියලා නොදැක ඉන්නට සිතුවත්
සිත අකීකරු වෙනවා 
හිමිවුණා නම් ඔබව මට සඳවතියේ
මගේ පණ මෙන් රකිනවා මම සත්තයි...

හදාගන්නට නම් බෑ 
හඬන සිත මගේ ඔයා ගැන විමසනවා
නොලැබෙනා බව දැනුනත්
තවත් මම පෙම් කෙරුවා
ඉන්න සතුටින්  මගේ සඳ රාජිණියේ
හිමි නැතත් මට ඔයා මගෙමයි සැමදා...

හැඬෙන්නට කඳුලුත් නෑ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.