හැන්දෑකරේhaendhaekaree

Handekare

Lyrics

හැන්දෑකරේ අඹ මල් වට බමරු නටන්නා
නින්ද නැතත් මං තනියෙන් හීන දකින්නා

මලේ සුවඳ මත් බමරුන් මලට ගෙනාවේ
ස‍‍දේ එළිය සඳ හෙවනට සිසිල ගෙනාවේ
ගගේ ඉවුර ගඟ දිය මුහුදට ගෙන ආවේ
මගේ හිතට තනිකම කවුරු ගෙනාවේ

දොළේ හඬට ගී සීපද කොතැන ඇසෙන්දෝ
දිවේ රහට ලුණු ඇඹුලක් බතට ලැබේදෝ
හිතය නුහුරු ආල හැඟුම් හිත උහුලාදෝ
දුකට කියන මේ ගී පද කාට ඇසේදෝ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.