Lyrics
එක හුස්මක්වත් එක හැඟුමක්වත්
දෙන්නට බෑ කිසිදා බෑ
නුඹ මට විතරක් දුන් හැම හුස්මක්
මිය යන්නෑ අමතක නෑ
මා දෙනෙතේ දිස්නය වාගේ
නුඹ මාගේ ලගින්නේ
සීතලේ ලඟින් සිත් පෑහේ
මීදුමේ හෙමින් පෙම් වෑහේ
මාවතේ දැන් අපි යන්නේ
සොඳුරුයි ජීවේ හැන්දෑවේ
සිත සන්සුන් දැන් එය ඔබ ලඟ නම්
ඔබගෙන් මං නිවුනා දැන්
යමු දුර ගමනක් ඔබ හා යා නම්
අවනත මං නුඹටම නම්
මා දෙනෙතේ ....
නොසිතූ මේ ආදරේ
තනි වූ වෙලේ ලඟ උන්නේ
ගැහෙනා ඔබෙ හුස්මක් වී
මා සැඟවෙන්නම් නුඹගේ තුරුලේ
(සීතලේ ලඟින් සිත් පෑහේ
මීදුමේ හෙමින් පෙම් වෑහේ
මාවතේ දැන් අපි යන්නේ
සොඳුරුයි ජීවේ හැන්දෑවේ)..//