හඳපානේ මල් පිපුණාhandapaanee mal pipunaa

Handapane Mal Pipina

Lyrics

හඳපානේ මල් පිපුණා කිරි මුහුදේ රැල් නැගුනා
අප දෙන්නා ඒ වගේ බැදුණෙ ආදරේ - බැදුණෙ ආදරේ

ජීවනයේ මී වදයේ පැණි පිරුණා ආදරේ
ඒ පැණි බොන බඹරු මමයි ප්‍රේම මී වදේ - ජීව මී වදේ

ඔබගේ සෙවනැල්ල ලෙසේ එන්නෙමි හැමදාම මෙසේ
ඒ දෛවේ තීරණේ මතු අනාගතේ - මතු අනාගතේ

සිහින සැබෑ වෙන්න මෙසේ පෙරුම් පුරා ආවෙදෝ
මා උපන්නෙ ප්‍රේම ලොවේ ඔබ පතා ප්‍රියේ - ඔබ නිසා ප්‍රියේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.