හඬගා කියූ ආදරේhandagaa kiyuu aadharee

Handaga Kiyu Adare

Music:
දමිත අයෝද්‍යdhamitha ayoodhya
Lyrics:
පුබුදු තිරාණගමpubudhu thiraanagama

Lyrics

හඬගා කියූ ආදරේ තනිවෙලා ඇත මා ළයේ
යළි නොඑනා බව දන්නවා නම් 
ළං වෙන්නේ නෑ මේ වගේ.......//

සිහිනෙන් මා ළඟ හිඳිනා මා පෙම් කළ සඳවතියේ
අතිනත ගෙන ළඟ උන් කාලේ මතකෙට එයි ආයේ
ගලනා කඳුළක් දෙනෙතේ ඔබ ගැන විමසයි රහසේ
ආදරේ නෑ මා තුරුලේ පෙරදා වාගේ
ලොවේ කොතැනක හිටියත් ඔයා 
එන්නම් සොයා මගේ පණයි ඔයා.........
 
දෙතොළඟ මුමුණන කවියේ 
තනුව නුඹයි මගේ පෙම්වතියේ
කඳුළු වැටෙනවා නිදි යහනේ
තනිය දැනෙනවා රෑ යාමේ
මායාවක් වී ආයේ එනවා තුරුලට මාගේ
රැකගන්නම් රත්තරනේ පණ මෙන් දෑතේ.........

හඬගා කියූ.......//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.