හඳ පායා සිනාසේවිhanda paayaa sinaaseewi

Handa paya Sinasewi

Lyrics

හඳ පායා සිනාසේවි  - ඔබගෙ මුහුණේ උදාවෙවි
රස පෑරූ ගමේ - මනහාරි මගේ - මනහාරි මගේ මැණිකේ

ඔබ ඊයේ හැන්දෑවේ ගැයූ පැල්කවි රාවේ
තව මහද රුදේ - රස පෑරෙයි
පෑරෙයි නැගෙයි සුහදේ

හේනෙ කුරක්කන් - සුළගේ සැලෙද්දී ඔබගේ මුහුණේ සෝබා මැවුනා
සේදි සේදී ගොස් පාළුව රජවේ - මා හද රසයෙන් පිරුණා

බාලේ සිටන් අපි - රස ගී ගයලා - එක්ව විහිළු කළා නොවෙදෝ
පිරේවි මුහුණේ - පල බර වීලා  - කුරහන් සැලුණා නොවෙදෝ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.