හඳ හාවුන් හඳේhanda haawun handee

Handa Hawun Hande

Lyrics

හඳ හාවුන් හඳේ පැන යාදෙන් ඔහේ
දඟ නෑ ඒ වගේ කිරි දරුවන් මගේ
කිරි දරුවන් කිරි දරුවන් මගේ...

බිළිඳු සිනා සුරතල් මුවේ මට සුවඳයි 
සුවඳයි දුවේ
ගෙදර බුදුන් අම්මා නුඹේ කිරි එරවා
එයිදෝ පුතේ...

හඳ හාවුන්...

සතර වරා දෙවියෝ පාවා
සතර අතේ දරුවෝ ළඟයි
හිරු එනතුරු අලුයම් උදේ
මට තුරුලුව නිදියන් පුතේ...

හඳ හාවුන්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.