හමුවුණා පුරුදු සුවදක් නුරාhamuwunaa purudhu suwadhak nuraa

Hamuwuna Purudu Suwadak

Lyrics

හමුවුණා පුරුදු සුවදක් නුරා
රහසින් කී ආලේ 
හැගුමන් පෑ දෑසේ 
නැවතුණා ගැහෙන හදවත පුරා 
තේරී නෙතු දැහැනේ
හැගුමන් පෑ දෑසේ 

නොකියා නොමනා සිත මල් පිපුණා 
සදලූ තලයේ 
මං ගැන හොයනා කුමරකු උන්නා 
කවුරුද මල් කැලයේ 

මම ඉදහිට මග තොට 
නෙත් හමුවනවිට නොකියා ගිය දේ 
තව නොකියා ඉන්නට 
සිත උහුලන්නට නෑ හද රිදුම් දේ
ගයමු දවසක.. ජීවිතේ තාලේ..

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.